Pages

Sunday, August 14, 2011


~'Syntax ERROR!~

ද්විපද සමීකරණයක

මගේ ආදරය උක්ත කර

නුඹව එහි සොයන්නට

මම ගත්ත මහන්සිය...

අවකලන, අනුකලන

බැරිම තැන ප්‍රස්තාර

අඳිමින් ආයේ මකමින්

සෙවිමි මගේ උත්තරය...

අන්තිමට දත්ත ටික

දැමූ කල කැල් එකට

තිරය මත එක සැනින්

වැටුණි හරි උත්තරය...

'Syntax ERROR!

එදා,
මමත් ආදරේ කළා...

පිරිත් නූල් අත බැඳුණු
ෂර්ට් එක අත නැමුණු
බාටා සෙරෙප්පුව ගෙවුණු
නුඹට..ඒ නුඹට..නුඹේ ඒ සරල කමට
ඔව් මමත් ආදරේ කළා..

මෙදා,

සිල්වර් වොච් අත බැඳෙන
ටී ෂර්ට් නෙත ඇදෙන
පොෂ් ස්ලිපර්ස් පය ගැටෙන
නුඹට..මේ නුඹට..නුඹෙ මේ පොෂ් කමට
ඇයත් ආදරේ කරනවා..

Saturday, August 13, 2011


~නූතන උපාධිධරයා~

ශිෂ්‍යත්වෙන් පාස් වෙලා
ඕ/ලෙවල් ඒ ගත්තා
ඒ/ලෙවල් පදමට කර
වාසිටියේ වැට පැන්නා...

හයමසෙන් හයමසට
වසරකින් වසරකට
වන පොත් කලා දිගට
පිටු පිරුනු අච්චු පොත්
නවතා දමා මදකට
ගලන පැහැසර හැගුමන්...

අවසන අමාරුවෙන් - ගත් උපාධිය අත දරන්
මහ මග හිගා කමි - මන්ද දැන් උපාධි ඕන තරම්...!


~මට මොකටද~

මලක රැදුනු පිනි පිදුවක්
මට හිමි නම්
මහ වැස්සේ වැහි පොදවල්
මට මොකටද...

නිල් ගොයමක රන් කරලක්
මට හිමි නම්
යසින් දිලෙන කෙත් යායක්
මට මොකටද...

ගo ඉවුරේ කිරි කවඩිය
මට හිමිනම්
ගo පත්ලේ සැගවුණු මිණි
මට මොකටද...

ඇතුගල වන් නුඹෙ ප්‍රේමය
මට හිමිනම්
දියවෙන හිමගිරි පර්වත
මට මොකටද...