Pages

Sunday, February 19, 2012



හෙටත් එනු මැන ගංතෙරට
පෙර වාගේ මා එහි නැතත් සුවසේ..
නොසැලි නෙතඟින් බලනු මැන
තරු කොමළියක් වී රැඳෙමි අහසේ..
පැතූ මාළිග ආකහේ මට
තනන්නට බැරි උනත් සොඳුරේ..
පතමි නුඹ වෙත දස දහස් වෙර
අවසරයි සමුගනිමි රහසේ..

Tuesday, February 14, 2012

~සසර පුරුද්දට~
සංසාර මග බෝම සැරයක්
යනෙන මග හමුවෙන්නැති..
තනිව යන්නට නොහැකි දිවි දුර
එක්ව පියමැන යන්නැති..
යුගල් පා ළඟ නොරැඳි මං පෙත
අසල සසලව ඉන්නැති..
යලි යලිත් හමුවෙන පැතුම් මැද
නවාතැන් හැර යන්නැති..

කැවුම් මුහුණට බැඳ සෙනේ ලොබ
පබාවත හිනැහෙන්නැති..
දනිත් දුන් දන් මන්ද්‍රි දේවී
පෙමින් බිඳු නොසැලෙන්නැති..
පතා එන පැතුමන් භවෙන් භව
ඉරණමට ලියවෙන්නැති..
නමක් නොමවෙන බැඳුම් ලොව ඇත
පුරුද්දට සසර වෙන්නැති....