Pages

Tuesday, May 1, 2012

~පාපොච්චාරණය~

කාෂ්ටක ඉඩෝරයට වට
සිහින් වැහි පොදක් ලෙසට
ආවේ අයිලයට
නොදැනයි නුඹ සිටින බව..

ඉතින් මා අල්තීනායි,
කෙසේ පවසම්ද පෙම..
නුඹ පුoචි කුමරියකි
සිප් අකුරු සනසලන..
මම ගුරුතුමා වීමි
ජීවිත පොත පෙරලන..

දනිමි සිත නොදෙන බව කිසි දිනක මට කමා
දුන්නත් පුoචි නුඹ ඔව් මo ඒ ගුරුතුමා..
අතෑරියේ නගරයට ගන්නටයි දිවි උපමා
ඒත් ඒ දවසට තවම ලොබ කරමි මා..

ආදරෙයි කුමරියේ නෑ මා එය පැවසුවේ
දයාබර නුඹෙ දෙනෙත් නෑ යළි නෙත ගැටුනේ..
පමා වැඩි නමුදු මා, නුඹ ලොව ජයගත්තේ
මහා ඇදුරුතුමියනි අවසරයි සමුගන්නේ!