Pages

Tuesday, September 20, 2011

~ආදරණීය අයියාට~


~~ආදරණීය අයියාට~~


ඇති කල මට සිටන් මතක
නුඹයි මගෙ යහලු හොඳම
ගති ගුණ අති අරුම පුදුම
නුඹයි මගේ සොඳුරු සොයුර..

කරමින් නෙක විහිළු තහළු
අරිමින් මගෙ තරහ කවුළු
මතකද පැන දුවන අයුරු
නැගි විට මගේ නෙතේ කඳුළු..

ලාබයි ලාබයි මේ ලුණු
කියමින් නුඹ හතිලන තුරු
කරපිට නැග ඇති වෙනතුරු
මතකයි මම දඟකල යුරු..

රොබිනුත් මම සීනත් මම - මගෙ එක පහරින් නුඹ බිම
වැටි වැටි යලි ඒ සටනට - පණ පෙව්වේ මගෙ සතුටට

වැඩුණේ මව් තුරුලෙ එකට - ලැබුවේ පිය සෙනෙහෙ එකට
නැගුවේ අපි සිනහ එකට - රණ්ඩු වෙන්නෙ පුරුද්දකට

සොයුරු බැම්ම උසට උසින් - යහළු බැම්ම ඊට උඩින්
බැමි බැඳුනත් උඩින් උඩින් - සිටිමි නුඹෙ අණට යටින් 

මව් පිය පෙම සොඳුරු ලොවේ - සෝයුරු පෙම දෙවෙනි නොවේ
මෙවන් තිදෙන හිඳින ලොවේ - ගෙවන දිවියෙ සතුට පිරේ


 ~හිමි අහිමි ~

නෙත් කතා හිත් පුරා 
පිටු ගනන් ලියනෙමී..
මන බැඳෙන සිනාමල් 
මතකයේ රඳවමී..
කියනු රිසි දහක් දෑ 
ගොළු මුවඟ සඟවමී..
හිමි අහිමි ප්‍රේමයක්
එක හිතින් විඳගමී...

තරු ළඟට ඉගිලෙන්න 
තටු තවම සවි නැතී..
දුරින් හිඳ බලාඉමි 
සැනසෙන්න එය ඇතී..
අහස් ගව් සිසාරා 
කොමළ තරු රඟදෙතී..
ඇස රැඳෙන කඳුළු මැද 
සමනළී ගොළු වෙතී...