Pages

Tuesday, September 20, 2011

~ආදරණීය අයියාට~


~~ආදරණීය අයියාට~~


ඇති කල මට සිටන් මතක
නුඹයි මගෙ යහලු හොඳම
ගති ගුණ අති අරුම පුදුම
නුඹයි මගේ සොඳුරු සොයුර..

කරමින් නෙක විහිළු තහළු
අරිමින් මගෙ තරහ කවුළු
මතකද පැන දුවන අයුරු
නැගි විට මගේ නෙතේ කඳුළු..

ලාබයි ලාබයි මේ ලුණු
කියමින් නුඹ හතිලන තුරු
කරපිට නැග ඇති වෙනතුරු
මතකයි මම දඟකල යුරු..

රොබිනුත් මම සීනත් මම - මගෙ එක පහරින් නුඹ බිම
වැටි වැටි යලි ඒ සටනට - පණ පෙව්වේ මගෙ සතුටට

වැඩුණේ මව් තුරුලෙ එකට - ලැබුවේ පිය සෙනෙහෙ එකට
නැගුවේ අපි සිනහ එකට - රණ්ඩු වෙන්නෙ පුරුද්දකට

සොයුරු බැම්ම උසට උසින් - යහළු බැම්ම ඊට උඩින්
බැමි බැඳුනත් උඩින් උඩින් - සිටිමි නුඹෙ අණට යටින් 

මව් පිය පෙම සොඳුරු ලොවේ - සෝයුරු පෙම දෙවෙනි නොවේ
මෙවන් තිදෙන හිඳින ලොවේ - ගෙවන දිවියෙ සතුට පිරේ

3 comments:

  1. හරිම ලස්සනයි ආශා,, අයියා කෙනෙක්ගේ ආදරේ දෙවෙනි වෙන්නේ අම්මා තාත්තගේ ආදරේට විතරයි, ඒත් සමහර වෙලාවට ඒ තුන් දෙනාම එකට අයියා කෙනෙක්ගේ ආදරේ ඇතුලේ හැංගිලා ඉන්නවා..

    ReplyDelete
  2. ඇත්තටම ගොඩක් ලස්සනයි යාලුවා....(අපේ නංගිට බැරි උනානෙ මෙහෙම කවියක් ලියන්න :D :D)

    ReplyDelete
  3. @ ප්‍රා : සම්පූර්ණ ඇත්ත ප්‍රා..'අයියයි නංගියි' කියන බැඳීම කවදත් සුන්දරයි..වෙනත් බැඳීම් වල වගේ මතුපිටින් නොපෙනුනත්, 'සහෝදරකම' කියන බැඳීමේ ලොකු ශක්තියක්, අර්ථයක් තියෙනවා..ස්තූතුයි ගොඩක්!!! :):)

    @ කුබුවි : ගොඩක් ස්තූතියි යාලුවා!! (අයිය ගැන හිතන විදිය ලියන්න කියල නංගිටත් කියන්න..හැබැයි බැනල බැනල ඇත්තම ලිව්වොත් තමා වැඩේ..:D:))

    ReplyDelete