~නුහුරු හුරු~
පියෙන් පිය මැන වසන්තය වෙත
නුහුරු තාලෙන් දෙපා ඇදුණී..
වරක් දෙවරක් ගැටුනු දෙනෙතක
පුරුදු හුරුවක් හිතේ ඇඳුණී..
යනෙන මග නෙතු යොමන හැමතැන
නිවි දැල්වෙන දෙනෙත දකිමී..
නිසල සිත යට අවදි වී එන
හැඟුම වෙත මම නමක් සොයමී..
හමන පවනින් විසිරි වී යන
සසල සිතුවිලි එකට බඳිමී..
එකම රුව ළඟ නතර වී ඇති
නෙතු පොතේ පිටු මතට ගනිමී..
දහක් වෙර ගෙන නිහඬ කල සිත
තවත් එක් තත්පරක් පමණී..
යළිත් තටු ගෙන පියවි ලෝකෙන්
ඉගිලිලා සිත් අහසේ සරමී...
දඩබ්බර නුඹ-නොවේ නුඹෙ සිත
ReplyDeleteසසල වුනු බව සිතට දැනුනී
අහංකාරිය හෙලන බැල්මක
නෙත් කොනක සෙනෙහසක් දුටිමී
අමතකම කර දමන මම නුඹෙ
සිත් මලට පැන එබී බලමී
තෙතමනක් නැති හදවතක මම
සිහිල් සෙවනක් තවම පතමී.....:)
හරිම ලස්සනයි යාළුවා....මෙච්චර ලස්සන පැදි පෙලක් කමෙන්ට් එකකින් මෙහෙ ඇමිණුවට බොහොම තුති!!!!!:):)
ReplyDeleteහිරු දැවෙන ගිනියම් දවාලක
සීත සෙවණක් කොහෙන් පතනූ..
වැසි හැලෙන සීතල කුණාටුව
සිලිටු අව් රැළි කොහෙන් ගෙනෙනූ..
වසන්තය අත දිගු කරද්දී
නිමාවූ ගිම් කුමට අදිනූ..
වදන් නොඇරෙන දඩබ්බර සිත්
තුලින් අම ගී කුමට සොයනූ..
:) :)
ReplyDeleteහිරු දවන ගිනියම් දවාලක
සුසුම් පවනත් සිහිල් වෙයි නම්..
අනෝරා වැහි වැටෙන යාමෙක
හදෙහි උණුසුම තනි රකියි නම්..
මල් පිපෙන මුදු වසන්තය නොව
කටුක ගිම් ළඟ සිනා සෙයි නම්..
දඩබ්බර සිත ලඟම නවතිමි
ගොළුවුනත් අහිතක් නොවෙම් මම්....
හරිම ලස්සනයි යාලුවා...මාරම ලස්සනයි!!!!ස්තූතියි ගොඩාක්..:):)
Delete