~නුහුරු හුරු~
පියෙන් පිය මැන වසන්තය වෙත
නුහුරු තාලෙන් දෙපා ඇදුණී..
වරක් දෙවරක් ගැටුනු දෙනෙතක
පුරුදු හුරුවක් හිතේ ඇඳුණී..
යනෙන මග නෙතු යොමන හැමතැන
නිවි දැල්වෙන දෙනෙත දකිමී..
නිසල සිත යට අවදි වී එන
හැඟුම වෙත මම නමක් සොයමී..
හමන පවනින් විසිරි වී යන
සසල සිතුවිලි එකට බඳිමී..
එකම රුව ළඟ නතර වී ඇති
නෙතු පොතේ පිටු මතට ගනිමී..
දහක් වෙර ගෙන නිහඬ කල සිත
තවත් එක් තත්පරක් පමණී..
යළිත් තටු ගෙන පියවි ලෝකෙන්
ඉගිලිලා සිත් අහසේ සරමී...