~පාපොච්චාරණය~
කාෂ්ටක
ඉඩෝරයට වට
සිහින්
වැහි පොදක් ලෙසට
ආවේ
අයිලයට
නොදැනයි
නුඹ සිටින බව..
ඉතින්
මා අල්තීනායි,
කෙසේ
පවසම්ද පෙම..
නුඹ
පුoචි කුමරියකි
සිප්
අකුරු සනසලන..
මම
ගුරුතුමා වීමි
ජීවිත
පොත පෙරලන..
දනිමි
සිත නොදෙන බව කිසි දිනක මට කමා
දුන්නත්
පුoචි නුඹ ඔව් මo ඒ ගුරුතුමා..
අතෑරියේ
නගරයට ගන්නටයි දිවි උපමා
ඒත්
ඒ දවසට තවම ලොබ කරමි මා..
ආදරෙයි
කුමරියේ නෑ මා එය පැවසුවේ
දයාබර
නුඹෙ දෙනෙත් නෑ යළි නෙත ගැටුනේ..
පමා
වැඩි නමුදු මා, නුඹ ලොව ජයගත්තේ
මහා
ඇදුරුතුමියනි අවසරයි සමුගන්නේ!
හම්ම්...
ReplyDeleteගුරු ගොල ප්රශ්නයක්...
:(
:)ම්ම් ඔව් මිනෝ..ගුරු ගීතය පොතේ එන දුයිෂෙන් කරන පාපොච්චාරණයක්..
Deleteකවිය ලස්සනයි! මට නං පසුබිම පොඩ්ඩක් ක්ලියර් මදි! නමුත් ලස්සන නිර්මාණයක්! :)
ReplyDeleteස්තූතියි මල්ලෝ..!!:)
Deleteමේක චිoගීස් අයිත්මාතව් ගෙ 'ගුරු ගීතය' පොතට සම්බන්ධව ලිව්වේ මල්ලා..ඒ පොත කියවන්න වෙලාවක ඔයත්,ගොඩක් ලස්සන පොතක්.
දුයිෂෙන්,
ReplyDeleteනුඹ නොදැනුවත්වම නුඹට පෙම් කෙරුවෙමි මම..
කුර්කුරේඋව අබියස ප්රථම වර අප නෙත් ගැටුණු මොහොතේ සිට
මිය යන්ට මොහොතකට හෝ පෙර
වළලා දමමි මගෙ සෙනෙහස..
උසැති පොප්ලර් තුරු යට!
අල්-තීනා-යී!
Deleteඑදා,දුම් රිය මගෙන් නුඹව උදුරගෙන ගිය දවසෙ
මo කෑගැහුව හැමෝටම ඇහෙන්න
'අල්තීනායී මo නුඹට ආදරෙයි'
..නුඹට ඇහුණද මoදා...
අදත් මo කැගහනව,ඒ විදියටම,
ජීවිතය මගෙන් මාව උදුරගෙන යන දවසෙ
'අල්තීනායි තවමත් මo නුඹට ආදරෙයි'
..නුඹට ඇහෙයිදෝ මන්දා..
ලස්සනයි. දිගටම ලියන්න
ReplyDelete