Pages

Tuesday, August 28, 2012


 

 
 
 ළතෙත් බලයෙන් කිරට හැරවූ රුධිර බිඳු නාමෙන්
නුඹේ හීනය නුබේ දෝතේ තබමි අභිමානෙන්
ගෙවූ වස් දුක් නොදී පිරියම් කල සෙනෙහෙ දානෙන්
මව්නි ණයගැති වෙම් සදා ජීවිතේ අනුප්‍රාණෙන්..
 
 
අඳුර ආ දා මැකුණු නෙක සෙවනැල් රටා අතරේ
නොනිම් දැල්වුණු එකම පහනකි රැඳුනු නෙත් මානේ
වදන් නැහැ සමකරනු වස් නුඹෙ මහමෙරක් සෙනෙහේ
පියාණෙනි මම දනිම් ඔය හද මට තියෙන උරුමේ..


 කලා සොලොසක් පුරා පුරසඳ පෑයූ අහසක් මෙන්
වලා පලවා මගේ අහසට එළිය දුන් නාමෙන්
එලා පාවඩ නමදිමී යුග දෙපා බහුමානෙන්
මව්නි පියාණෙනි ආයු බෝ ලැබ හිඳිනු මැන නිදුකින්!
 

 
 

4 comments:

  1. හරිම අපූරු කවි පෙලක්..

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි අයියේ!!

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි සහෝ!! :)

    ReplyDelete