Pages

Sunday, August 14, 2011


එදා,
මමත් ආදරේ කළා...

පිරිත් නූල් අත බැඳුණු
ෂර්ට් එක අත නැමුණු
බාටා සෙරෙප්පුව ගෙවුණු
නුඹට..ඒ නුඹට..නුඹේ ඒ සරල කමට
ඔව් මමත් ආදරේ කළා..

මෙදා,

සිල්වර් වොච් අත බැඳෙන
ටී ෂර්ට් නෙත ඇදෙන
පොෂ් ස්ලිපර්ස් පය ගැටෙන
නුඹට..මේ නුඹට..නුඹෙ මේ පොෂ් කමට
ඇයත් ආදරේ කරනවා..

4 comments:

  1. කැම්පස් ඉන්ණකං මාත් දැම්මේ බාටා තමයි.
    දැන් නං ගෙදතරට විතරයි.
    ඔෆිසියට සෙරෙප්පු වානා!

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි!ගොඩක් සමීපයි මට!..මට වෙලා තියෙන්නේ අනිත් පැත්ත මං හිතන්නේ!දිගටම ලියන්න!ජය වේවා!

    ReplyDelete
  3. @ කතන්දර : බොහොම ස්තූතියි සහෝ !:)
    @ වැප් : බොහොම ස්තූතියි සහෝ...!
    @ සබිත් : ගොඩක් අයට පොදු දෙයක් නෙ මේක :) ගොඩක් ස්තූතියි මේ දිරිගැන්වීමට.. :)

    ReplyDelete