~ බත් අම්මා ~
කහට දත් පෙල රතට
හරව හරවා කන 'විට'..
මේරූ හිසකේය
ගොතා ඇති නිසි පිට අග..
උස් සිනහ නැති මුවඟ
මුදු බැලුම් ඇති වෑහෙන..
බත් අම්මා අපේ
තරම කුසගිනි අඳුනන..
දහසින් අගනේය ඈ
අහසින් වැටෙන රිවිරැස..
රහසින් හඬනේය ඈ
හඬනා වලාකුළු යට..
මහමෙර බරැති ඈ හිස
පුතු සෙවණ නැත..
දිවි පැල ඇගේ වැනි
සඳු නැති අහස්ගඟ
ඉදවෙන බතින් බත
දින පසු පසින් යත..
ඇය හා හතර අත
යන පා ගෙවී ඇත..
සසර එතෙර නොපතමි
දුක් සයුරු මැද..
මතු පින් රැගෙන ඉපදෙනු
කුල ගෙයක සැප..!
හිතට දැනුන අදහසක්..
ReplyDeleteගොඩක් ස්තූතුයි අයියේ!!:)
Deleteසුපුරුදු තේමාවක් ගැන වෙනස් අදහසක්:)
ReplyDeleteස්තූතියි ගොඩක් මල්ලො..:)
Deleteමතු පින් රැගෙන ඉපදෙනු
ReplyDeleteකුල ගෙයක සැප..!
ලස්සනට ලියලා තියෙනවා
ස්තූතියි ගොඩක් මිනෝ..:))
Delete