Pages

Monday, April 2, 2012

~අඩ සඳ~

පැහැසර රඟ දෙන
නන්සර නද දෙන
දැකුමෙන් ලොබවෙන
ඇය මිරිඟුවමය..

නැති නැති හිමි නැති
ඇති මගෙ සිත ඇති
මා සිත එති එති
ඇය මට හිනැහෙති..

බැසයන පුර සඳ
දෙස මා බල බල
තුටින් ඉඳින සඳ
ඇසුණෙහි මේ සර..
'බලපන් සකිසඳ,
ඒ පුරසඳ නොව
නුඹගේ අඩ සඳ
නික්මී යන රඟ..'


(ප.ලි -: මීට කලින් ලියල නැති  තේමාවක් යටතේ ලියන්න ගත්ත පුoචි උත්සහයක්..
චපල ස්ත්‍රියක් ගැන පිරිමි ඇහැකින් කියවෙන කවියක් ලියන්න හිතුවෙ..නමුත් කවියෙන් අදහස හරියටම මතු වෙනවද කියල නම් දන්නෙ නෑ..:)



8 comments:

  1. හබැයි කවිය ලස්සනයි! හැමදාමත් වගේ! :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලා..හැමදාමත් වගේ..!!:):)

      Delete
  2. අක්ක මාරයිනේ
    ගැහැනියක් ,තවත් ගැහැනියක් ගැන ලියනවා දක්කමද කොහෙද??

    ReplyDelete
    Replies
    1. හෙහෙ ස්තූතියි මල්ලෝ!!:)මම නම් දැකල තියෙනවෝ ..

      Delete
  3. කවිය මුලින්ම කියවලා... ප.ලි. කොටස කියෙව්වම ආයේම කවිය කියෙව්වා. දැන් තේරුනා....
    :)
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. :)) මo බයේ හිටියෙ කාටවත් තෙරෙන්නෙ නැති වෙයිදෝ කියල..ස්තූතියි මිනෝ!!:)

      Delete
  4. ප.ලි kotasa kiyewwata passe therunaa :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳ වෙලාවට ප.ලි. දැම්මේ..:)ස්තූතියි..

      Delete