Pages

Tuesday, March 20, 2012

~නිවන දුර වැඩි දා~

ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..


ජීවිතේ තනිමoසලක්
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...

12 comments:

  1. Replies
    1. ගොඩක් ස්තූතියි අයියේ!!:)

      Delete
  2. මහණ වෙන්නද යන්නෙ! :O සාසනේ! :O :O :P :P :P

    ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. හෙහෙ..:D අනේ නෑ මල්ලා..ඒ තරමට පින් කරල නෑ..:)
      ගොඩක් ස්තූතියි හොඳේ!!:)

      Delete
  3. බෝ මළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ ...

    ReplyDelete
    Replies
    1. 'දo බෝවිටියා කැලේ මැදින්
      එන්න හිතයි නුඹ ළඟට හෙමින්..'

      මාත් ආසම ගීයක්!!!

      Delete
  4. පුන්චි සාමණේර හිතක, තමන්ගේ අම්මා ගෑන තියෙන අපිරිමිත සෙනෙහස!
    ගොඩක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි..!! :)

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තූතියි නoගියා!!:)

      Delete
  6. මං අදනේ ආවේ... මුලින්ම...
    :(

    ලස්සනයි ඔයා ලියන කවි ආශා. අනිත් දවසෙ නම් නොවරදවාම එනවා ඔයා ලියන ඒවා කියවන්න...
    :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මිනෝ...:) ඔව් අනිව එන්න..නීල දිගන්තෙට ආදරෙන් පිළිගන්නවා!!!:)

      Delete