~නිවන දුර වැඩි දා~
ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..
ජීවිතේ තනිමoසලක්
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...
ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...
ලස්සනයි...
ReplyDeleteගොඩක් ස්තූතියි අයියේ!!:)
Deleteමහණ වෙන්නද යන්නෙ! :O සාසනේ! :O :O :P :P :P
ReplyDeleteලස්සනයි! :)
හෙහෙ..:D අනේ නෑ මල්ලා..ඒ තරමට පින් කරල නෑ..:)
Deleteගොඩක් ස්තූතියි හොඳේ!!:)
බෝ මළුවේ මල් සුවඳක පැටලී
ReplyDeleteඅම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ ...
'දo බෝවිටියා කැලේ මැදින්
Deleteඑන්න හිතයි නුඹ ළඟට හෙමින්..'
මාත් ආසම ගීයක්!!!
පුන්චි සාමණේර හිතක, තමන්ගේ අම්මා ගෑන තියෙන අපිරිමිත සෙනෙහස!
ReplyDeleteගොඩක් ලස්සනයි..
ගොඩක් ස්තූතියි..!! :)
Deleteහරි ලස්සනයි.
ReplyDeleteගොඩක් ස්තූතියි නoගියා!!:)
Deleteමං අදනේ ආවේ... මුලින්ම...
ReplyDelete:(
ලස්සනයි ඔයා ලියන කවි ආශා. අනිත් දවසෙ නම් නොවරදවාම එනවා ඔයා ලියන ඒවා කියවන්න...
:)
ගොඩාක් ස්තූතියි මිනෝ...:) ඔව් අනිව එන්න..නීල දිගන්තෙට ආදරෙන් පිළිගන්නවා!!!:)
Delete