Pages

Thursday, April 26, 2012

~ මතක සිත් පිළිරූ ~
 
 
නුඹ නමින් ඇඳුණූ
හදවත කොනක රැඳුණූ
මතක සිත් පිළිරූ
වැජඹෙති ලෙසින් රුසිරූ..

දරාගනු බැරිව ඉහිලූ
දුකකි නෙත නිති ඉහිරූ
නොදත් සේ හද කඩොලු
නොනිම් දළුලන පිළිරූ..

සිතුම් සටනින් ඇවිලූ
පිහි තුඩකි ජය කැන්දූ
බිම ලමින් මතක පිළිරූ
හද කොනින් ගලයි රුහිරූ...


8 comments:

  1. මතකය තරම් තියුණු පිහියක් මේ ලෝකෙ කොහෙවත් නැහැ.
    කවිය ලස්සනයි අක්කි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නoගියෝ..මතකය වෙලාවකට හරිම සුන්දර දෙයක්, ඒත් තව වෙලාවකට ඒක තරම් දරුණු දෙයක් නෑ..හරිම පුදුමයි.. ගොඩක් ස්තූතියි නoගියෝ!!

      Delete
  2. ආදරය සුන්දර වරදකි
    ලැබෙන දඩුවම පිහි පහරකි
    එහෙමද??

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කවියෙ විදියට නම් එහෙමයි...:)

      Delete
  3. හරිම ලස්සනයි ආශා... ආදරේ වේදනාව හැමදාමත් තියෙනවා, ඒත් ඒක තියන් ඉඳලා වැඩකුත් නෑ.. ප්ලාස්ටරයක් ගලවලා දානවා වගේ ගලවලා දාන්නත් බෑ..හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත..කාලයත් එක්ක ඒ වේදනව අයින් වෙලා යයි..ඒත් ඒ කවද්ද කියලා දින වකවානුවක් හිතාගන්න තමා අමාරු..ස්තූතියි ගොඩාක් ප්‍රා!!:))

      Delete
  4. අර්ථ රසය මෙන්ම, ශබ්ද රසයත් ඉස්මතුවන අගනා නිර්මාණයක්!
    "පිහි තුඩකි ජය කැන්දූ" කියන පදයේදී, පවත්වාගෙන ආ රිද්මය වෙනස් උනා වගේ දැණුනා!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ..එතන පොඩි නොගැලපෙන බවක් මටත් දැණුනා..ඒත් තේරුම වෙනස් වෙයි කියල හිතලයි එහෙමම තිබ්බේ..අදහසට ගොඩක් ස්තූතියි අයියේ..ඒක ගොඩක් වටිනවා!!

      Delete