Pages

Wednesday, January 4, 2012

~සළඹ හිතක කෑගැහිල්ල~
සියක් මල් පිපුණු උයනේ
ඔබත් එක් මලකි සොඳුරේ
ගුණෙන් බරින් පැහැ දිලුනේ
අඳුන් සේ නෙතේ ඇඳුනේ...

එහෙන් මෙහෙන් මතුවුණු ඒ
රුදුරු බඹර තුඩු වැදුනේ
විෂෙන් සැලුණු පෙති මත්තේ
පිනි කඳුළුය ඇද හැලුණේ...

දාහක් වෙර නැත සොඳුරේ
ළාමක වෙමි සළඹ රැලේ
නුඹ නොදන්න හිත් මත්තේ
ආදරයයි වර ගත්තේ...

එන්නෙමි හෙට පියඹාලා
සවිමත් තටු විදහාලා
බඹර විසෙන් පරවීලා
යන්න එපා සමුදීලා....

2 comments: