විසල් මුදු ගගනත
සරසවන සරා සඳ නුඹ
ළංවෙන්නද කෝම
ඈතයි පයැති පොළවට..
නිසල් සුව විල් තෙර
මැද පිපි සුදු නෙළුම නුඹ
අරගන්නද කෝම
ගැඹුරුයි පිරුණු ජලකඳ..
සයුරු වෙරළේ කොන ඉඳ
පෙනෙනා ක්ෂිතිජ ඉම නුඹ
පිළිගන්නද කෝම
දැන දැනත් ගෝලයක් බව ලොව..
සරණ නැති දිවි කතරක
මිරිඟු නෙක නෙත රවටන
පවසන්නද කෝම
ඔව්, නුඹත් සම ඉන් එකකට...
පෙනෙනා ක්ෂිතිජ ඉම නුඹ
පිළිගන්නද කෝම
දැන දැනත් ගෝලයක් බව ලොව..
සරණ නැති දිවි කතරක
මිරිඟු නෙක නෙත රවටන
පවසන්නද කෝම
ඔව්, නුඹත් සම ඉන් එකකට...
පිළිතුරු කවි නම් ලියන්න තේරෙන්නේ නෑ.එත් ලස්සනයි අක්කෙ!
ReplyDeleteගොඩක් ස්තූතියි මල්ලා!! පිළිතුරු කවි ඕනෙ නෑ..කවි රස විඳින්න තියෙන හැකියාවම ලොකු දෙයක්..:) මේ පැත්තෙ ආවට ස්තූතියි ගොඩක්...:)
ReplyDeleteහරිම ලස්සනයි!!!!
ReplyDeleteword verification අයින් කරන්න. එතකොට comment කරන්න ලේසියි!!!
ස්තූතියි ගොඩාක්..!!!!
ReplyDeleteබ්ලොග්කරණයට ටිකක් අලුත්...මම අයින් කරන්නම්.. අදහසට ගොඩක් තුති!! :)
lassana nirmanayak...suba pathanawa,,,,
ReplyDeleteලස්සන කවි පේලියක්. අදහසත් හැබෑව බව හැඟේ! :)
ReplyDelete@ anonymous: ගොඩක් ස්තූතියි!!!!!:)
ReplyDelete@ තනි අලියා: ගොඩක් ස්තූතියි...!!:)