Pages

Tuesday, February 14, 2012

~සසර පුරුද්දට~
සංසාර මග බෝම සැරයක්
යනෙන මග හමුවෙන්නැති..
තනිව යන්නට නොහැකි දිවි දුර
එක්ව පියමැන යන්නැති..
යුගල් පා ළඟ නොරැඳි මං පෙත
අසල සසලව ඉන්නැති..
යලි යලිත් හමුවෙන පැතුම් මැද
නවාතැන් හැර යන්නැති..

කැවුම් මුහුණට බැඳ සෙනේ ලොබ
පබාවත හිනැහෙන්නැති..
දනිත් දුන් දන් මන්ද්‍රි දේවී
පෙමින් බිඳු නොසැලෙන්නැති..
පතා එන පැතුමන් භවෙන් භව
ඉරණමට ලියවෙන්නැති..
නමක් නොමවෙන බැඳුම් ලොව ඇත
පුරුද්දට සසර වෙන්නැති....

7 comments:

  1. දිවි දුර මෙතෙක් තනි ව පිය මැන්න බව
    අභිමානයෙන් සිහිපත් කරමි! :)
    (ප්‍රේමයට සාපේක්ෂව!)

    ReplyDelete
  2. ඔව්, තනිව ඒත් සාර්ථකව මේ දුර පියමැන්නා කියන්නෙ ඇත්තෙන්ම අභිමානයක් තමා!! :):)

    ReplyDelete
    Replies
    1. සාර්ථක නං මන්ද අප්ප! හැබැයි මම තාම almost යහතිං :D :) :) :)

      Delete
    2. හෙහෙ..ඒකම ඉතින් ලොකු දෙයක් නේ:):)

      Delete
  3. කුස පබා ෆිල්ම් 1 වත් බැලුවද අක්කෙ??

    ReplyDelete
    Replies
    1. අක්කෙ මේකේ word verifivation අයින් කරානම් හදයි නේද??:))
      කමෙන්ට් කරද්දී කරදරයිනේ!

      Delete
    2. අනේ නෑ මල්ලා..යන්න ඕනි!!තාම යන්න හම්බුනේ නෑ....:(
      හා මං අයින් කරන්නම්..තැන්කියු මතක් කලාට :):)

      Delete