Pages

Sunday, February 19, 2012



හෙටත් එනු මැන ගංතෙරට
පෙර වාගේ මා එහි නැතත් සුවසේ..
නොසැලි නෙතඟින් බලනු මැන
තරු කොමළියක් වී රැඳෙමි අහසේ..
පැතූ මාළිග ආකහේ මට
තනන්නට බැරි උනත් සොඳුරේ..
පතමි නුඹ වෙත දස දහස් වෙර
අවසරයි සමුගනිමි රහසේ..

5 comments:

  1. කඩා බිඳ දා සිහින සිත්තම්
    පතයි නුඹ මට දස දහස් වෙර
    විඳව විඳව මා මරන්නට
    සැහැසි නුඹ ගැන වෛර නොකරමි

    ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  2. ලස්සනයි! :) :)

    ReplyDelete
  3. මගේ මතකය ඔබේ සිත තුල
    රැව් දිදී හඬ නගන දවසේ,
    මගේ නම සිහි කරන් පෙර ලෙස
    හිඳිමි මම ඔබේ ලඟම පෙර සේ..

    මට හිතෙන විදියට නම් මේ කෙනා ජීවතුන් අතර නෑ නේද...
    ලස්සනයි ආශා

    word verification ayin karanna aasha..
    settings- comments- 10 වෙනි ඔප්ශන් එක Show word verification for comments?- no

    ReplyDelete
  4. @ anonymous:
    ඉමක් නැති දොස්, කමක් නැති
    මං අසා ඉමි, පෙර ලෙසින් යමි
    ඇතත් රිසි, යළි නො'එනු ඇති
    සුරලොවේ හිඳ, නුඹ බලා ඉමි..

    නෙතක් නිති බිඳු කඳුළු රැඳි
    එය ඔබට පමණක් පෙනෙනු ඇති
    හිතක් වෙති ළතැවුලෙන් මැදි
    නුඹ ගැනම පමණක් හිතනු ඇති..

    ස්තූතියි ගොඩක්!!:)

    ReplyDelete
  5. @ තනි අලියා: ස්තූතියි ගොඩක්!! :):)

    @ ප්‍රා: ලස්සනයි ප්‍රා..හ්ම්ම් ඔව් නැතිවුණ ගර්ල් කෙනෙක් කියන දෙයක් තමා තියෙන්නෙ..ස්තූතියි ගොඩාක්!!:) word vrfyctn ඔයාම අයින් කරල දෙන්ඩෝ හොඳේ..:))

    වෙරක් නැති ජීවිත දිවිල්ලට
    නුඹයි මට පා යුග උනේ..
    සුසුම් වැඩි කල දරා ගන්නට
    නුඹයි සුසුමන් පිට කලේ..
    නිමක් නැති මහ ජල කඳක් මම
    නුඹයි මහ සමුදුර උනේ..
    සොඳුර නුඹමයි වෙහෙස නිමවූ
    ජීවිතේ ගිම්හල මගේ!

    ReplyDelete