Pages

Saturday, March 3, 2012

-සැළලිහිණියෝ-

ඉතින් තව උඹ කවුළුවෙන්
එබිකම් කරන්, මට කම් නැති
වරක් දෙවරක් නැතොත් සියවර
හඬින් තැලුවත් දොස් නැති
ඔය තුඩින් ඔහු වෙත යවන්නට
අදින් මතු පෙම් පත් නැති
සැලළිහිණියෝ තරහ නෑ මං
පමා වැඩි මම වෙන්නැති..

රිසින් ඉගිළී නීල අහසේ
කොහේ හෝ දුරක නැවතියන්
වැටෙන වැහි බිඳු බරයි කියමින්
මගේ කඳුළට රැවටියන්
කවුළු දොරකඩ බලා ඉමි මම
හිනාවක් මුව තදකරන්
සැළලිහිණියෝ තරහ නෑ මං
වෙන හිත් දෙකක් උඹ යා කරන්..


12 comments:

  1. දුක හිතුනා! මගෙ පරණ දේවල් මතක් උනා! :( :(

    ලස්සන කවියක්!

    ReplyDelete
    Replies
    1. මෙන්න මල්ලියගේ රහස් එළියට එනවා..

      Delete
    2. රහසක් නෑ අක්කො! කලිං තැං වල කියපු දේවල් ම තමා! :)

      Delete
    3. දුක හිතෙන දේවල් අමතක කරන්න උත්සහ කරන්න එපා..තේරුමක් නෑ..ඒවා ජීවිතේට experience එකක් විදියට තියාගන්න..:) ගොඩක් ස්තූතියි මල්ලා!! :)

      Delete
  2. හරිම ලස්සනයි ආශා.. මම මේ කවියට හරිම ආසයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩාක් ප්‍රා.....!!!! :):)

      Delete
  3. \\.....සැළලිහිණියෝ තරහ නෑ මං
    වෙන හිත් දෙකක් උඹ යා කරන්..\\
    මෙහෙමවත් පතමු ඉතින්!
    ඒ උනාට පොඩි කැමැත්තක් තියෙනව පරණ හිත එක්ක සෙට් වෙන්න!:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඉතින් ස්වභාවයෙන්ම හැමෝගෙම හිතේ කොනක තියෙනවනෙ මල්ලා..ස්තූතුයි අදහසට හොඳේ!!:):)

      Delete
  4. හරිම ලස්සන කවි පෙලක්.. අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක් අයියේ..! ඉඩ තියෙන වෙලාවට නීල දිගන්තෙටත් ගොඩ වෙලා යන්න ආරාධනා..!! :)

      Delete
  5. වෙන හිත් දෙකක් යා කරන්න කිව්වට එහෙම කරලා මාට්ටු උන දවසට සැලළිහිණි පරම්පරාවටම දෙසාවි...හික්ස්ස්..
    මචන් සැළලිහිණියා, අහුවෙන්න එපා ඕවට!

    ReplyDelete