ජීවිතය දිගන්තයේ අතරමගදි අපිට අහම්බෙන් හමුවෙන සොඳුරු මතකයන් බොහෝමයි..සැබෑ කරගන්න පොරබඳින ප්රාර්ථනා, හීන, විශ්වාස බොහෝමයි..ආදරය, සෙනෙහස, මිත්රත්වය ගැන දැනෙන හැඟීම් සිතුවිලි බොහෝමයි...මේ හැම මතකයක්ම, හීනයක්ම, සිතුවිල්ලකම මගේ පන්හිඳෙන් අකුරු කරන්නටයි මේ පුංචි උත්සහය..ඉතින්, එන්න මේ නීල දිගන්තය පුරාවට හිත් පුරා ඇවිදින්න...
Thursday, April 26, 2012
Monday, April 23, 2012
~ බත් අම්මා ~
කහට දත් පෙල රතට
හරව හරවා කන 'විට'..
මේරූ හිසකේය
ගොතා ඇති නිසි පිට අග..
උස් සිනහ නැති මුවඟ
මුදු බැලුම් ඇති වෑහෙන..
බත් අම්මා අපේ
තරම කුසගිනි අඳුනන..
දහසින් අගනේය ඈ
අහසින් වැටෙන රිවිරැස..
රහසින් හඬනේය ඈ
හඬනා වලාකුළු යට..
මහමෙර බරැති ඈ හිස
පුතු සෙවණ නැත..
දිවි පැල ඇගේ වැනි
සඳු නැති අහස්ගඟ
ඉදවෙන බතින් බත
දින පසු පසින් යත..
ඇය හා හතර අත
යන පා ගෙවී ඇත..
සසර එතෙර නොපතමි
දුක් සයුරු මැද..
මතු පින් රැගෙන ඉපදෙනු
කුල ගෙයක සැප..!
Monday, April 2, 2012
~අඩ සඳ~
පැහැසර රඟ දෙන
නන්සර නද දෙන
දැකුමෙන් ලොබවෙන
ඇය මිරිඟුවමය..
නැති නැති හිමි නැති
ඇති මගෙ සිත ඇති
මා සිත එති එති
ඇය මට හිනැහෙති..
බැසයන පුර සඳ
දෙස මා බල බල
තුටින් ඉඳින සඳ
ඇසුණෙහි මේ සර..
'බලපන් සකිසඳ,
ඒ පුරසඳ නොව
නුඹගේ අඩ සඳ
නික්මී යන රඟ..'
(ප.ලි -: මීට කලින් ලියල නැති තේමාවක් යටතේ ලියන්න ගත්ත පුoචි උත්සහයක්..
චපල ස්ත්‍රියක් ගැන පිරිමි ඇහැකින් කියවෙන කවියක් ලියන්න හිතුවෙ..නමුත් කවියෙන් අදහස හරියටම මතු වෙනවද කියල නම් දන්නෙ නෑ..:)
Tuesday, March 20, 2012
~නිවන දුර වැඩි දා~
ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..
ජීවිතේ තනිමoසලක්
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...
ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...
Subscribe to:
Posts (Atom)


